FAST NEWS

24×7 Around the Globe

කැළෑ ගිනි ගැනීම් තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයිනට බලපවතින දැඩි වියළි කාලගුණයත් සමඟ තවදුරටත් ප්‍රදේශ රැසක රක්ෂිතවල ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. 

ඊයේ (01) හැටන් – සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදාගැනීමට සිදුවිය.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර 10 ක පමණ කොටසක් ද විනාශ විය.

වියළි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ගිනි ගැනීම් කිහිපයක් වාර්තා වූ අතර , රත්නපුර දිස්ත්‍රික්කයේ ද ස්ථාන දෙකක රක්ෂිත ගිනිගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ හැකිතාක් දුරට කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි.