FAST NEWS

24×7 Around the Globe

ස්කොට්ලන්තයෙන් කොවිඩ් -19 පළමු ආසාදිතයා හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්කොට්ලන්තයෙන් කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ස්කොට්ලන්ත ජාතිකයෙකු වන ඔහු මීට දින කිහිපයකට පෙර ඉතාලියේ සිට පැමිණ ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

එංගලන්තයේද කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු හමුවී ඇති අතර , ඒ අනුව එරට මෙම වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇත.

කොරියාවේ සිට ඊයේ (01) පස්වරුවේ මගීන් 256 ක් රැගත් කොරියන් ගුවන් සේවයට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර, එහි කිසිවෙකුට උණ රෝග ලක්ෂණ නොතිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

මේ වන විට ලොව පුරා රටවල් 65 ක පමණ පැතිර ඇති කොවිඩ් – 19 ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 3,050 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.