FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් මරුට

(ෆාස්ට් නිව්ස් |මාතර) –  අද අලුයම මාතර , දික්වැල්ල මාර්ගයේ ගොඩඋඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැව්රුකන්නල ප්‍රදේශයේ පදිංචි මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

ඔහු යතුරුපැදියෙන් දික්වැල්ල දෙස යමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු බතීගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.