FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ඔවුන් වෙත ලබාදීමසඳහා අද දිනයේ විශේෂ තැපැල් බෙදීම් දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

අනුව අද දිනය තුළ උපාධිධාරීන්ගේ පුහුණු පත්වීම් ලිපිය ඔවුන් වෙත ලැබෙනු ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හාපළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කලේය.

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 40,000 කි.

ඉන් 80% ක් පළාත් පාසල්වලට අනියුක්ත කරන බව ලේකම්වරයා පැවසුවේ .

වසරක පුහුණුවෙන් පසු ඔවුන් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් සඳහා බඳවා ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.