FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකුට නොතීසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට නොතීසි නිකුත් කරයි.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙසයි.

මාර්තු මස 3 වනදා ඔවුන්ට මෙලෙස කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අමතරව සහකාරපොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාටද මෙලෙස නොතීසි නිකුත් තිබේ.

ඊයේ(28) වයඹ නාවික කලාපය භාර ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා ලබාදුන් සාක්ෂි මත එම සාක්ෂිවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.