FAST NEWS

24×7 Around the Globe

කැළණියේ සිසුන් සිව් දෙනා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කැළණිය විශ්ව විද්‍යාලයේ සීසීටීවී පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 

මහර මහේස්ත්‍රාත් අදිකරණය විසින් අද (28) මෙම නියෝගය නිකුත් කළේය.

ඊයේ (27) දිනයේදී සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් 4 දෙනා අතර කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද ඇතුළත් වෙයි.