FAST NEWS

24×7 Around the Globe

විදේශ අමාත්‍යවරයා අද ජගත් මහෙල්කම් හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (27) සිදුව තිබේ.

ජිනිවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 43 වන සැසි වාරයට සමගාමීව මෙම හමුව සිදුව ඇති අතර , අදාළ හමුව සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ට්විටර් ගිණුමට ද සටහනක් එක්කර තිබේ.

මේ අතර, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් ද අද හමුවීමට නියමිතයි.

30-1 යෝජනාවෙන් ඉවත්වීමට රජය ගත් තීරණය ඇතුලු කරුණු රැසක් පිළිබඳ අද පැවැත්වෙන හමුවේදී අවධානය යොමු කෙරෙනු ඇත.