FAST NEWS

24×7 Around the Globe

කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍ය ලබන 7 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ලබන 7 වන දා පැවැත්වේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසන්නේ මෙවර පැවැත්වෙන වාර්ෂික දේව මෙහෙය සඳහා ඉන්දීය බැතිමතුන් 3000ක් සහ දේශීය බැතිමතුන් 7000ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය විදුලිබලය, සනීපාරක්ෂක පහසුම් ඇතුළු සියළුම යටිතල පහසුකම් සැපයෙන අතර බැතිමතුන් ප්‍රවාහන කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව සිදුකරනු ඇත.