FAST NEWS

24×7 Around the Globe

කොටුව – මාතලේ අතර නව දුම්රිය ධාවනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ, කොටුව – මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියට දින 5 ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

මාතලේ මගී සංගම්වලින් කළ ඉල්ලීම් රැසක් සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

නව කාලසටහන් අනුව සතියේ දිනවල පෙරවරු 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් පස්වරු 2.30 ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරනු ලැබේ.