FAST NEWS

24×7 Around the Globe

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

එම පත් කිරීම් සිදු කිරීම පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ වලට අනුව ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය සහිත බඳවා ගැනීම් සිදුකර තිබේ.

අදාළ විදුහල්පතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය ඒ අනුව පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකර තිබේ.