FAST NEWS

24×7 Around the Globe

සංචාරකයන්ට හඳුන්වාදෙන Taxi App එක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ අවධානය මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ගමන් පහසුකම් ඇතුලු සියලු කටයුතු සුරක්ෂිතව ඉටු කර ගැනීම සදහා නව අන්තර්ජාල යෙදවුමක් හදුන්වාදීමට යොමුව තිබේ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරන ආකාරයට සංචාරක මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන මෙම යෙදවුම හරහා මෙරටට පැමිණෙන සංචාරකයෙකුට නවාතැන් පහසුකම් , කුලී රථ සේවා ඇතුලු සිය සංචාරයට අදාල සියලු කටයුතු සුරක්ෂිතව ඉටු කර ගැනීමේ හැකියාව හිමි වේ.

සංචාරක කර්මාන්තය ආශ්‍රීතව සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් හා අපචාර වැලැක්වීම සදහා වන වැඩපිළිවලේ එක් අංගයක් ලෙසයි මෙම අන්තර්ජාල යෙදවුම හදුන්වා දීමට යෝජනා වී ඇත.

එමෙන්ම සංචාරක පොලීසියේ කටයුතුද වඩාත් පුලුල් කිරීමට නියමිතයි.

සංචාරක පොලීසියේ දැනට පවතින නිළ ඇදුම වෙනුවට නව නිළ ඇදුමක් හදුන්වා දීමටත් , ඒ සදහා නිළධාරීන් බදවා ගැනීමටත් සැලසුම් කර තිබේ.