FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පණවා තිබූ විදේශ ගමන් තහනම ලබන ජුලි මස 23 වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් ගොනුකර තිබූ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකෙරුණි.