මෙරට නීතියේ ආධිපත්‍ය පිළිබඳ ශක්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව සහ අමෙරිකාව ඊයේ (29) අත්සන් තැබී ය.
වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහා අමෙරිකානු තානාපති අතුල් කේෂබ් මහතා මෙම ගිවිසුමට අත්සන් කළේ ය.
ගිවිසුම යටතේ, සංකීර්ණ අපරාධ, හා මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශන සඳහා අමෙරිකානු තාක්ෂණික සහය මෙන්ම ඩොලර් මිලියන 2.6 ක ප්‍රදානයක් ද මෙරටට හිමිවන බව වැඩබලන විදේශ අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ය.







