FAST NEWS

24×7 Around the Globe

ගුරු – විදුහල්පති වර්ජනයෙන් අධ්‍යාපන කටයුතු අඩාලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාවට නංවා ඇති එක්දින සංකේත වර්ජනය හමුවේ දිවයින පුරා පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ. 

පාසල් සිසුන්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.

වර්ජනය සිදුකරනු ලබන ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවන අතර , මේ හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි.

මේ හේතුවෙන් කොට්ටාව – බොරැල්ල 174 මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි.