FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කළා යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලබන මැයි මස 29 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේය.

ඒ, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

ඒ අනුව මොහුට එරෙහි චෝදනා පත්‍රයට අදාල වාචික දේශන ඉදිරිපත් කිරීම එදිනට සිදුකිරීමටයි නියෝග කෙරුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් බව ප්‍රකාශ කර තිබුණි.