FAST NEWS

24×7 Around the Globe

සහරාන් සමග පුහුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනෙකු ලබන මස 10 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 

ඒ , මෙම සැකකරුවන් පිරිස අද (25) මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් එස්. තියාගේෂ්වරන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකරුවන් නුවරඑළිය, ජාතික තවුහිත් ජමාත් මූලස්ථානයේදී ආයුධ පුහුණුව ලබා ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ විය.