FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදනවල මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන ආකාරයට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල ගණන් පහත දමා තිබේ.

රජයේ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

අද (25) පස්වරුවේ සංගමයේ විශේෂ හමුවෙන් පසු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල සංශෝධිත මිල ගණන් තීරණය කරන බව ද ඔහු සඳහන් කළේ ය.