FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ගැන ලෝකයම අවධානය යොමු කල යුතු  බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මේ සඳහා ලෝකයම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

චීනයෙන් වාර්තා වන මරණ ගණන දිනෙන් දින ඉහළ යයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම  වෛරසය  පහසුවෙන් බෝවිය හැකි බැවින් එය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ.

චීනයෙන් බාහිරව දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය ඇතුළු රටවල් රැසකට කොරෝනා වෛරසයේ බලපෑම ඉහළ ගොස් ඇති අතර අනෙක් රටවලට පැතිර යාමේ අවධානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.