FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් දෙහිවල දී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයන් තුන් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස ඊයේ (24) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකදීයි අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 290ක් ඔවුන් සතුව තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (25) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.