FAST NEWS

24×7 Around the Globe

මෙවර ජිනීවා සැසියට ලංකාවෙන් යෝජනා 5 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය අද (24) ආරම්භ වෙයි.

මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5 ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම, 2015 සහ 2017 වසරවලදී , 30/1 සහ 34/1 යන පූර්ව යෝජනා සම්මුති ඇසුරින් 2019 දී සකස් කෙරුණු  “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 40/1 දරන යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳ, මෙරට ධූත පිරිස මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.