FAST NEWS

24×7 Around the Globe

ගුරු – විදුහල්පතිවරු වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට සැරසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන 26 වනදා සියලූ ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය එකතුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

ඒ ගුරු- විදුහල්පති අතුරු වැටුප් චක‍්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබා දීමට බල කරමින්.

ඔවුන් පැවසුවේ එදින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බවයි.