FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවට පිවිසි ජනප්‍රිය චරිත කල සේවය ගැන වාර්තාවක් සකසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය කාල සීමාව තුළ මහ මැතිවරණවලින් පාර්ලිමේන්තුවට පිවිසි කලාකරුවන් ඇතුලු ජනප්‍රිය චරිත ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය කුමක්දැයි සොයා බලා විශේෂ වාර්තාවක් සකස් කිරීමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. 

මෙවර මහ මැතිවරණයටද කලාකරුවන් රැසක් ඉදිරිපත් වීමට සූදානම් වීම සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කරන බවත් , එවැනි ජනප්‍රිය චරිත වලින් අති බහුතරයක් ජනතාව වෙනුවෙන් කිසිවක් ඉටු කර නැති බවට අනාවරණ වූ බවත් එහි සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසා සිටියේය.