FAST NEWS

24×7 Around the Globe

රජය, පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කරන බව රජය පවසයි.

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසන්නේ  රුපියල් 10,000ක්ව පැවැති මාසික වැටුප රුපියල් 12,500 දක්වා මෙලෙස වැඩි කෙරෙන බවයි.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත වැඩිවන ජීවන වියදම සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

ඊට අමතරව අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමටද නියමිතය.

මේ සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.