FAST NEWS

24×7 Around the Globe

ඕමන්තෙයි බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක්(UPDATE)

(ෆාස්ට් නිව්ස් | ඕමන්තෙයි) 8 AM  – මහනුවර – යාපනය A -9 මාර්ගයේ වවුනියාව,ඕමන්ත පනික්කර්නිරාවි ප්‍රදේශයේ ඊයේ(23) රාත්‍රියේ සිදුවු රිය අනතුරින් ජිවිතක්ෂයට පත් පිරිස වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඕමන්ත පොලීසිය පවසයි.

පේදුරුතුඩුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට අයත් බස් රථයක් හා යාපනය දෙස සිට වැල්ලවත්ත දක්වා ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු විය.

මෙහිදී වාහන දෙකම ගිනිගෙන ඇති අතර,වෑන් රථයේ ගමන්ගත් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මේ අතර වෑන් රථයේ රියදුරු හිර වී සිට ඇති අතර, තුවාලකරු ගැනීමට උත්සහ කිරිමේ දී බස් රථය සහ වෑන් රථය ගිනි ගෙන ඇත.

ගින්න හේතුවෙන් එම පුද්ගලයාද පිළිස්සී මියගොස් තිබේ.

මරණකරුවන් අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 4 ක් හා කාන්තාවක් වන බවත් ඔවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

පිළිස්සීමෙන් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය සම්බන්ධයෙන් මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර ඇත.

මෘත ශරීරයන් වව්නියාව රෝහලේ තැන්පත් කර තිබේ.

අනතුරින් බස් රථ රියදුරු ද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සිව් දෙනෙකුට දිවි අහිමි කල ඕමන්තෙයි බස් අනතුර

(ෆාස්ට් නිව්ස් | ඕමන්තෙයි) – මහනුවර – යාපනය A -9 මාර්ගයේ, ඕමන්තෙයි හිදී ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පසුව ප්‍රදේශවාසීන් කෝපයට පත්ව බස් රථයට ගිනි තබා ඇති බවද වාර්තාවේ.