FAST NEWS

24×7 Around the Globe

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන් වර්ජනය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්ජනය නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

දින 3ක් ක්‍රියාත්මක කළ මෙම වර්ජනය අවසන් කර ඇත්තේ අද(23) දහවල් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.

දැනට  ලබාදෙන අතිකාල දීමනා පැය ගණන 150ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වනජීවි නිලධාරීන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේය.