FAST NEWS

24×7 Around the Globe

හීනටියන ප්‍රදේශයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට.පිරිසක් රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවරියවත්ත යාගොඩමුල්ල ප්‍රධාන මාර්ගයේ කටුනායක හීනටියන ප්‍රදේශයේ දී සිදුවු කැබ් රථ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙහිදී තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත.

කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් 16 දෙනෙකු සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 84 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

අනුරාධපුර වන්දනා චාරිකාවක ගොස් පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.