FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ නිදහස් පක්ෂය අතර හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉදිරි මහමැතිවරණයේදී ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පූර්ණ සහය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙලෙස සහය ලබාදීමට එකඟතාව පළ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා සහ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.