FAST NEWS

24×7 Around the Globe

ගිනි අවි බලපත්‍ර අයදුම්පත් අන්තර්ජාලයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පහසුකම් සළසා තිබේ.

එම අයදුම්පත් අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කලේ සියලුම ගිනි අවි බලපත්‍ර සඳහා වලංගු කාලසීමාව මාස 12 ක් වන අතර සෑම වර්ශයකම දෙසැම්බර් 31 වනදාට පෙර ඒවා අලුත් කරගත යුතු බවයි.