FAST NEWS

24×7 Around the Globe

ඖෂධ වල තත්ත්ව නියාමනයට රසායනාගාරයක් – අගමැති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තත්ත්ව නියාමන රසායනාගාරයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හරහා ඖෂධවල ගුණාත්මකභාවය මෙරටදීම පරීක්ෂා කළ හැකි බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(20) අරලියගහ මන්දිරයේ පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර කිහිපයක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.