FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ආයතනයේ විකාශන ටෙන්ඩර්වලට අදාළව කෝප් කමිටුවෙන් නිර්දේශ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර රූපවාහිණි සහ ගුවන් විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීම පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකරන ලෙසට කෝප් කමිටුව ඊයේ (20) නිර්දේශ කළේය. 

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ මීට අදාළ පැමිණිල්ල අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ඉදිරිපත් කරන ලෙසයි.

කමිටුව හමුවට ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබූ අතර, අදාළ ටෙන්ඩර් පිරිනැමීමේදී අඩු ලංසුවක් තැබූ ආයතනයක් වෙත ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් රුපියල් කෝටි 310 ක් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමි වී ඇති බව අනාවරණ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ පත් කිරීමේදී අදාළ ගිවිසුම සකස් කිරීමට නීති උපදෙස් ලබාගත් ආකාරය පිළිබඳ තොරතුරුද කෝප් කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී කමිටුව විසින් නිර්දේශ කළේය.