FAST NEWS

24×7 Around the Globe

වසා දැමුණු කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කෙරේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගින්නක් හේතුවෙන් වසා දමා තිබූ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ජාඇල දක්වා විවෘත කෙරේ.

පොලීසිය පැවසුවේ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ඇතිවු දුමාරය නිසා කොළඹ සිට කටුනායක දක්වා රථ වාහන ගමනා ගමනය සඳහා තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුනු බවයි.

ඒ අනුව මෙම මාර්ගයේ මේ වන විට පැලියගොඩ සිය ජාඇල දක්වා රථවාහන ගමනාගමනයට විවෘත කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.