FAST NEWS

24×7 Around the Globe

ඩයමන්ඩ් නෞකාවේ ලාංකිකයින් දෙදෙනාව ගෙන්වා ගැනීමට කටයුතු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්ත හේතුවෙන් ජපානයේ යොකොහමා වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින මෙරට සාමාජිකයන් දෙදෙනා නැවත ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාට වෛරසය ආසාධනය වී නොමැති බවත් එම නෞකාවේ සිටියදී වෛරසය වැළඳුණු 542 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වෛරසය ආසාධනය නොවූවන් නෞකාවෙන් පිටත්වීම ඊයේ ආරම්භ කල අතර කාර්ය මණ්ඩලයේ සිටින ලාංකිකයන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි.