FAST NEWS

24×7 Around the Globe

2020 වසරේ අද දින සැමරීමට විශේෂ මුද්දරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසර සැමරීම සදහා අද (20) දිනයේදී විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 8.20 ට එනම් රාත්‍රී 20.20 ට කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදි මෙය නිකුත් කර ලබයි.

නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මොහිදින් බෙග් මහතා වෙනුවෙන්ද සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමද මීට සමගාමීව සිදු වෙයි.

මිට අමතරව කොළඹ මුද්දර දැක්ම ප්‍රදර්ශනය අද තැපැල් මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දෙස් විදෙස් මුද්දර ආදි දෑ දැක බලා ගැනිමට මෙන්ම මිලදී ගැනිමටද ජනතාවට එහිදී අවස්ථාව උදාවන බවයි.