FAST NEWS

24×7 Around the Globe

නීතිපති අද ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. 

අද පස්වරු 01.30 ට පමණ ඒ මහතා මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව පලිගැනීමේ චේතනාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ජනපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඊට අදාලව හිටපු නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු ලබාදුන් සාක්ෂි මත පදනම්ව නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දී ඇත.