FAST NEWS

24×7 Around the Globe

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන් කරයිද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2015 වසරේ අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසු පිහිටුවා ගනු ලැබූ 08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන මාර්තු 01 වැනිදායින් පසු විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථාව පවතී.

මේ අතර රුපියල් බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.