FAST NEWS

24×7 Around the Globe

කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් එයාර්ලයින් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳව ලබන මාර්තු (04) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙනි.