FAST NEWS

24×7 Around the Globe

විල්පත්තුවේ අනවසර පදිංචිවීම්වලට එරෙහි පෙත්සමේ තීන්දුවට දින නියමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විල්පත්තු අභයභූමියට අයත් කල්ලාරු රක්ෂිත ප්‍රදේශයේ කොටසක් එළිපෙහෙලි කර අනවසර පදිංචිකිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සමේ තීන්දුව අප්‍රේල් 03 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය. 

ජනක්ද සිල්වා සහ නිෂ්ෂංක බන්ධුල කරුණාරත්න යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද යළි කැඳවනු ලැබීය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූ අතර , වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.