FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරින් කෝප් කමිටුව හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (19) පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් පෙනී සිටිමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට එයාර් බස් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.

අද පස්වරු 02.30 ට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව රැස්වීමට නියමිතයි.

එමෙන්ම හෙට(20) දිනයේ කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.