FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොමිසම සකස් කල පාස්කු ප්‍රහාරයේ වාර්තාව අවසන් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් සකස් කල වාර්තාව අවසන් කර තිබේ.

ඊට වගකීම් පැහැර හැරී ඇතැම් පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් ගත යුතු නිර්දේශද ඇතුළත් වන අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර සහ විනය ක්‍රියාමාර්ග ගත යුතු බව එම කොමිසම නිර්දේශ කර ඇත.

ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ මෙම වාර්තාව කඩිනමින් පොලිස්පතිවරයාට යොමු කරන බවයි.