FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට ලැබී ඇති අයදුම්පත්, මහ මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතයි.

තවද එළඹෙන මහා මැතිවරණයේදී මාධ්‍ය ආයතන පිළිපැදිය යුතු නිර්ණායක සංශෝධනය සම්බන්ධයෙන්ද අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.