FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාමිකයින්ට හෙට සිට සහනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව මෙය ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතයි.