FAST NEWS

24×7 Around the Globe

එජාපය ප්‍රමුඛ සන්ධානය හංසයා ලකුණින් මහමැතිවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය එළඹෙන මහමැතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර සමගි ජන බලවේගය සන්ධානයේ නව ව්‍යවස්තාව මේ වන විට සකස් කර අවසන් බැවින් එම ව්‍යවස්ථාව හෙට දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමටද නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කඩීර් හෂීම් මහතා සඳහන් කළේය.