FAST NEWS

24×7 Around the Globe

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. 

මෙම සම්මුඛ පරීක්ෂණ 2020-02-24 සිට 2020-03-02 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

නැවත මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.