FAST NEWS

24×7 Around the Globe

නව පක්ෂ ලියාපදිංචියට අයඳුම්පත් 143 ක් ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම ලියාපදිංචිය සඳහා පසුගිය දා අයදුම්පත් කැදවූ අතර එය ඊයේ (17) දිනයෙන් අවසන් වුණි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ මැතිවරණ ඉතිහාසයේ මෙවර අලූත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි.

මේ වන විට දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබේ.