FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබද සිදුකළ වෝහාරික විගණන වාර්තා විවාදය අද (18) සහ හෙට (19) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. 

ජනතා විමුක්ති පෙරමුණ විසින් අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර , බැඳුම්කර නිකුතු වෝහාරික විගණනය වාර්තා 05 කින් සහ පිටු දස දහසකට ආසන්න ඇමුණුම් ප්‍රමාණයකින් සමන්විත බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙන්ති මහතා සදහන් කළේය.