FAST NEWS

24×7 Around the Globe

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ඇප මත මුදාහරින ලෙසට කර ඇති ඉල්ලීමට අදාළ වන තීන්දුව අප්‍රේල් 2 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (17) නියම කළේය. 

මොහු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 12 ක සිරදඬුවම් නියම වී සිටියි.

රාජ්‍ය දැව සංස්ථවේ හිටපු සභාපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝගයට එරෙහි තමා අභියාචනා පෙත්සමක් ගොනු කර ඇති බව පවසමින්.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර පවරා දීමට අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක පසුගිය දෙසැම්බර් 19 වනදා වරදකරුවන් කිරීමට මහාධිකරණය තීරණය කළේය.