FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ නඩුවක වැඩිදුර විභාගය කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණය රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනුකර තිබූ නඩුවක වැඩිදුර විභාගය ජුනි මස 22 දක්වා කල් තැබීමට නියම කළේය.

අද(17) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

වෙනත් නඩුවක් අද දින විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ විභාගය ජුනි මස 22 වනදා සහ 23 වනදාට කල් දමන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංගසය නැමැති වෘත්ති සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.