FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා එක්සත් ජනපද තානාපතිනිය විදෙස් අමාත්‍යංශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට එක්සත් ජනපද තානාපතිනිය විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණ තිබේ.

ඒ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට පනවා තිබු සංචාරක තහනම පිළිබද සාකච්ඡා කිරීමටයි.

——————————————————————————————————————

මෙරට අමෙරිකානු තානාපතිනී හා විදේශ කටයුතු අමාත්‍ය අතර හමුව අද

ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුව අද (16) දහවල් සිදුකිරීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අදාල හමුව පෙරවරුවේ පැවැත්වීමට නියමිතිව තිබුණ ද අමෙරිකානු තානාපතිවරිය දහවල් පැමිණෙන බවට සිදුකළ දැනුම් දීමට අනුව එය කල් දමනු ලැබු බවයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමෙරිකානු තානාපතිවරියට මෙම කැඳවීම සිදුකර තිබේ.