ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ හා තවත් සංවිධාන 32ක නියෝජිතයින් කළ විරෝධතාවකින් පසුව වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රදවා ගැනීමට චෙන්නායි පොලීසිය කටයුතු කර තිබේ.
එළෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවලියට ඔවුන් විරෝධය දැක්වීම හේතුවෙන්.
උද්ඝෝෂණය අතරතුර ඔවුන් චෙන්නායිහි පිහිටා ඇත් ඇමෙරිකානු කොන්සල් කාර්යාලට කඩා වැදීට උත්සාහ කොට තිබේ.
ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ විරෝධතාකරුවන් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා, ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රුව රැගත් දැන්වීම් පුවරු පුලුස්සමින් විරෝධතාවේ නිරත වූ බවයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව දේශීය පරීක්ෂණයකට සහාය දැක්වීමට ඇමෙරිකාව යෝජනා කිරීම විරෝධතාවය දැක්වීමට මෙම විරෝධතාවයට හේතුවයි.







