FAST NEWS

24×7 Around the Globe

උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේ ගණුදෙනුවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.